චීනයෙන් දුම්වැටි ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීන්දු වූ වහා නවතා දමන ලෙස තමන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
නමුත් මුදල් අමාත්‍යාංශය එවැනි තීන්දුවක් ගෙන ඇති බව අගමැතිවරයා තමන් පැමිණිලි කරන තෙක් දැන නොසිටි බවද කී රාජිත සේනාරත්න මහතා තම ඉල්ලීම අගමැතිවරයා විසින් පිළිගත් බවද සඳහන් කළේය.
චීනයෙන් දුම්වැටි ගෙන්වීම ක්‍රියාත්මක කළහොත් තමන් ඇමති දුරයෙන් ඉවත් වන බව මීට පෙර කී බව ද තමා පමණක් නොව දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉවත් වීමට තීන්දු කර ඇති බවච පැවසීය.
මෙරට වෙසෙන හයදහසක් පමණ වන චීන කම්කරුවන්ට දුම්වැටි ගෙන්වීමට අවසර දීම මුදල් අමාත්‍යංශය ගත් වැරදි තීන්දුවක් බව ද ඔහු සදහන් කළේය.
මෙම කටයුත්ත කළ හොත් එය 2015 ලබාදුන් ඡන්ද පොරොන්දුවක් කඩ කිරීමක් වන බවත් තමන් ඇමතිව සිටි තෙක් මෙම කටයුත්තට ඉඩක් නොමැති බවත් ඇමැතිවරයා අවධාරණය කලේය.