මං ඉද්දී ඩ‍්‍රයිවින් ෂීට් එකට රනිල් බලෙන් පැනලා විකාර කලා.. රට අස්ථාවර වුනේ ඒ නිසා..- ජනපති

19 වැනි සංශෝධනය මගින් රට තුල දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රටට නායකයන් දෙදෙනෙක් එම සංශෝධනයෙන් ඇති වූ බවද ඔහු සඳහන් කරයි.

මේ බව කියා සිටියේ මාධ්‍ය ප‍්‍රධානීන් සමගින් ජනාධිපති මන්දිරයේදී පැවති හමුවක් අමතමිනි.

තමන් ජනවරමෙන් ජනාධිපති රට පාලනය කරද්දී පාර්ලිමේන්තුවෙන් බලය ගත් රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් ඩ්‍රයිවින් සීට් එකට පැන විකාර කරන්නට වූ නිසා රට අස්ථාවර වූ බවද ඔහු සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.