අපේ දුප්පපත්කම 29%යි කිවුවාම ලෝකයෙන් ආධාර දෙනවා.. මහින්ද දුප්පත්කම අඩුකර ආධාර නැති කලා.. – සජිත්

අපේ රටේ දුප්පත්කම සැබෑ ප්‍රතිශතය 29%ක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව විසින් එම සත්‍ය වසන් කල නිසා අපේ රට දුප්පත්කම අඩු වූ රටක් ලෙස ලෝකය විසින් දුටු බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

එසේ වූ නිසා මෙරටට ලැබුණු ආධාර නොලැබී ගිය බවත් ගිනි පොලියට විදේශ ණය ගැනීමට සිදු වූවත් ඔහු කියා සිටී.

සත්‍ය කතාව ලෝකයට කියූ විට අපට ආධාර ලැබෙන බවද කී ඇමැතිවරයා ජාත්‍යන්තර ගණුදෙනු ගැන තමනට කිසිවෙකුගෙන් ටියුෂන් උවමනා නැති බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.