වෙල්ගම ශ‍්‍රීලනිප යට යයි.. මහ ලේකම්ලා බදාගෙන පිලිගනිති..

මේ දිනවල විවාදාත්මක පුද්ගලයකු වී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද පස්වරුවේ ගොස් තිබේ.

මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් ඇත්තේ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමටයි.

එම අවස්ථාවට ගිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඉතා සුහදව පිළිගනු ලැබීය.

සන්ධාන මූලස්ථානය විවෘත කිරීම වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සූදානම් කර ඇත.

වෙල්ගම මහතා ශ‍්‍රීලනිප මූලස්තානයට ගියේ දීර්ඝ කාලයකට පසුවයි.

Leave A Reply

Your email address will not be published.