පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයන් ගැන පරීක්‍ෂණ කරමින් සිටින පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පෙනී සිටියේය.
එම ප්‍රහාරයෙන් පසුව රට පුරා සිදු කරන ලද පරීක්ෂා කිරීම් වලදී කිසිම පුද්ගලයෙකු බලපෑම් නොකල බව ඔහු එහිදී පැවසීය.
අප්‍රේල් 26 දින හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉෂාන් අහමඩ් නම් අයෙක් පිලිබදව හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතා තමන්ගෙන් දුරකථනය මගින් අවස්තා තුනකදී විමසූ බවද ඔහු සදහන් කලේය.
නමුත් එහිදී කිසිදු බලපෑමක් බදියුදීන් මහතා තමනට සිදු නොකල බවද ‘අසා සිටීමක්’ පමණක් කළ බවද හමුදාපතිවරයා කීවේය.
ත්‍රස්ත කටයුතු ගැන සාමාන්‍ය තිබූ ඉෂාන් අහමඩ් නමැත්තා ගැන හිටපු ඇමති විමසූ බවත් එම පුද්ගලයා බදියුදීන් මහතා සමග සබදකම් ඇති අයෙකුගේ පුතෙකු යයි පැවසූ බවද හමුදාපතිවරයා සදහන් කලේය.
අද දිනයේ සාක්‍ෂි විමසීමට නියමිතව තිබු රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගෙන් එය සිදු නොකර වෙනත් දිනයක් ලබා දුන්නේ කමිටුවේ සාමාජිකයන් පිරිස මදි බව පවසමිනි.
බදියුදීන්ගේ සාක්‍ෂි නොගෙනම කමිටුව අවසන්..