පසුගිය සදුදා (24) දෙරණ 360 වැඩසටහන හා සම්බන්ධ වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ඉදිරිපත් විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් සිර ගත කළහොත් ඔහුට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වන බවට පවතින මතය සාධක සහිතව බිඳ දැමූ ගම්මන්පිල මන්ත්‍රිවරයා සිරගත කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන ආකාරය පිළිබඳ විශේෂ හෙළි දරව්වක් සිදු කළේය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු කරන ලද සැත්කමේ සත්‍ය තත්වය හා ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද වැදගත් කරුණු රාශියක් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා දෙරණ 360 වැඩසටහනේ දී අනාවරණ කළේය.
360 සම්පුර්ණ වැඩසටහන