වෛද්‍යවරියක් වස බොයි..

ප්‍රතිජීවක ඖෂධ පෙති 35 ක් පානය කර ඇති වෛද්‍යවරියක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

24 වැනිදා රාත්‍රීයේ ඇය ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව විමර්ශන වලදී හෙලිවී ඇත.

රෝහල් ගත කර ඇත්තේ 34 හැවිරිදි විවාහක වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටියි.

එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට නිරන්තර බැන වදින බැවින් එහි පීඩාව දරා ගැනීමට නොහැකි නිසා තමන් ප්‍රති ජීවක පෙති පානය කළ බව වෛද්‍යවරිය පවසා තිබේ.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave A Reply

Your email address will not be published.