මුස්ලිම් ළමා ජනගහනය වේගයෙන් වැඩි වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
ඒ මහතා සඳහන් කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ගම්මන්පිල මහතා මෙම චෝදනාව එල්ල කළ බවයි.
1881 දී පැවති මෙරට පළමු ජන සංගණනයේදී සිටි සිංහල බෞද්ධ ජනතාව අද වනවිට 10%කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එය සීඝ්‍ර වැඩිවීමක් බව ද කී හිටපු ඇමතිවරයා මෙරට කිසිදු ජන කොටසක් එවන් වර්ධනයක් ලබාගෙන ඇති බවද කියා සිටියේය.
1881 දී 60% වූ මෙරට සිංහල බෞද්ධ ජනගහනය 2012 ජන සංගණනය අනුව 71% වී ඇති බවද ඔහු සදහන් කලේය.
මහනුවරදී පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.