අමාත්‍යධුරය යළි භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා පවා ඉල්ලීම් කළද තමන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉක්මන් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
ගම්පොළ උලපනේ ප්‍රදේශයේ අද(24) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මේ බව පැවසීය.
“අපි ත්‍රස්ත ක්‍රියාවට අනුබල දුන්නා කියනවා. ආණ්ඩුව රකිනවා කියනවා. කඩ වහන්න පටන් ගත්තා. එවිට ජනතාව ඇවිස්සෙනවා. කබීර් ඇමතිතුමා රිෂාඩ් ඇමතිතුමාගෙන් අහලා. අගමැතිතුමා කියනවා ඔබෙන් අහන්න කියලා.
ඔහු කියනවා මම මොකටද අයින් වෙන්නේ කියලා. එයත් අයින් වෙන්න ලැහැස්ති නැහැ. ඔක්කෝම අස්වෙමු කියලා මම කිව්වා. එහෙමවත් කරලා මේක නවත්වමු කිව්වා.
අහම්බෙන් ගත්තු තීරණයක් මේක. ජනපති කතා කරලා මට කිව්වා. ජාතික ආරක්ෂක සභාවට එන්න කියලා
එහිදිත් මට කිව්වා ආණ්ඩුවට එකතු වෙන්න කියලා. අද හෙට පරීක්ෂණ වාර්තා ලබාදෙයි.
ඊට පස්සේ චෝදනා තියෙන අය තීරණය කරයි. ඒත් මම තීරණය ගන්න යන්නේ නැහැ. මම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. ඉදිරියට මැතිවරණ එනවානේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන්.