යුද්ධෙ ඉවර වුණා කියල රට ඉදිරියට ගියේ නැහැ… දැන් ආර්ථිකේ හැදිලා එනවා – රනිල්

අද පැවති උත්සව සභාවක් අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කළේ දැන් රටේ ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බවය.

යුද්ධෙ ඉවර වුණා කියල අපි ඉදිරියට ගියේ නැහැ. නව ආර්ථිකයකට ගියේ නැහැ. ණය අරගෙන පාරවල් යටිතල තමයි අපි බලාපොරොත්තු වුණේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

2014 වෙනකොට මේ රටට ණය ගන්න ශක්තියක් තිබුනේ නැහැ. කව්රුවත් ණය දෙන්න හිටියේ නැහැ. අන්න එහෙම අවස්ථාවක තමයි ආණ්ඩුවක් අපි බාර ගත්තේ. දැන් ආර්ථිකේ හැදිලා එනවා. තවත් අපිට ණය ගන්න තියෙනවා. ඒත් අපිට ණය ගෙවන්න පුළුවන්. ගිය මාස දෙකේදී අපිට ඩොලර් මිලියන් 2000 ක් උවමනා වුණා. අද අපි ඒ ඩොලර් මිලියන 2000 ලන්ඩන් වලින් , නිව්යෝක් වලින් ඉල්ලනවා.” යනුවෙන් ද අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.