පාස්කු ප්‍රහාරය පසුපස ඉන්නේ ISIS නෙමෙයි – හකීම්

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් ප්‍රහාරය පසුපස සිටින බව තමා විශ්වාස කරන බවයි.

තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රහාර සම්බන්දයෙන් නිවැරදි පරික්ෂණයක් ඉටු කලයුතු බවත් ඒ සඳහා සිය පාර්ශවයේ සහය රජයට ලබා දෙන බවත්ය.

එමෙන්ම පවතින රජය සමඟ ඉදිරියට යා හැකි බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

Leave A Reply

Your email address will not be published.