පාස්කු බෝම්බයට වග කිවයුතු ගෝඨාභය බව රාජිත කියයි Video

පසුගිය අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කළේ දෙරණ රූපවාහිනියේ ‘මොකද උනේ’ වැඩසටහන සමග අදහස් පල කරමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස මේ වනවිට කර ඇති පරීක්ෂණ අනුව ප‍්‍රහාරයේ වගකීම පැවරෙන්නේ කාටද නිවේදකයා විසින් කරන ලද ප්‍රශ්නය ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චූදිත ත්‍රස්තවාදී සංවිධානයේ 26 දෙනෙකුට පඩි ගෙවා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම එල්ලකරන චෝදනාවන් නීතිය හමුවට ගෙන එන්නට ගියහොත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වන බවද කී ඇමතිවරයා මෙවන් කාරණා රටට හෙළි කිරීමට සිදුවූයේ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළ නිසා බවද කියා සිටියේය.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් පිරිසක්ද වගකිව යුතු බවත් ඔහු එහිදී පැවසිය.

Leave A Reply

Your email address will not be published.