කෝලිට දඩ ගැහුවේ ඇයි ?

තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ඊයේ (22) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය අතර තුර විනිසුරු තීරණයකට එරෙහිව නුසුදුසු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමේ චෝදනා මත විරාත් කෝලි හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර ඇති බව වාර්තා වන්නේය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ කඩුල්ල මුවා කිරීමේ වරදක් සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම සිදුකළ ඉල්ලීමක් තරග විනිසුරු අලීම් දාර් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විරාත් කෝලී විනිසුරුවරයා වෙත අවේගශීලි ප්‍රතිචාර දැක්වීමක් සිදුකර තිබුණි.

ඒ අනුව විරාත් කෝලිට පැනවු දඩයට අමතරව ඔහුට එක් දඞුවම් ලකුණක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති බව සදහන්.

ඉන්දීය කණ්ඩායම් නායක විරාත් කෝලි පසුගිය වසරේ ජනවාරි මාසයේදී ද මෙවැනිම වරදක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් විය.

Leave A Reply

Your email address will not be published.