ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකුගේම නම් දේශපාලන කරලියේ කතාබහ වන පසුබිමක ටී.වී. දෙරණේ අද මොකද වුණේ විශේෂාංගය සමඟ එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ අවස්ථාව ලැබුණහොත් තමාද ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බවයි.
ඉල්ලීමක් කළ හොත් තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් සෞඛ්‍ය, ධීවර අංශ ගොඩ නැගූ අයුරුන් තමන්ට රට සංවර්ධනය කිරීමේ වගකීම ද බාර ගත හැකි බව ඒ මහතා පැවසීය.
එසේම 21 වනදා සිදු වු පාස්කු ප්‍රහාරය පිළිබඳව ද සිය අදහස් පල කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට වැටුප් ගෙවමින් ඔවුන් පෝෂණය කළ බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා වග කිව යුතු බවත්ය.
ඒ පිළිබඳව නීතියෙන් කටුයුතු කිරීමට ගියහොත් රාජ්‍ය ආරක්ෂාවට එය බලපෑ හැකි බවත් මේ බව රටට හෙළි කිරීමට සිදු වුයේ රජයට වරද පැටවීමට උත්සාහ ගැනීම හේතුවෙන් බව ද ඔහු එහිදී කියා සිටියේය.
නාම යෝජනා ලැබුණහොත් ජයග්‍රහණය කර පෙන්වන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
අනුග්‍රහය – දෙරණ