යාපනේ විරෝධතා..

යාපනය නගර මධ්‍යයේ ව්‍යාපාරිකයෙකු විසින් අතුරු මාර්ගයක් අවහිර වන අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතයි කියමින් එයට විරෝධය පා වෙළඳසැල් හිමියන් ඇතුලු පිරිසක් විරෝධතාවක නිරත වූහ.

කුඩා වෙළඳසැල් සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබු අතර විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ ව්‍යාපාරිකයෙකු විසින් යාපනයේ කුඩා වෙළඳසැල් වෙතට පිවිසෙන් මාර්ගයක් අවහිර කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මගින් එම වෙළඳසැල් සියල්ල වසා දැමීමට සිදුවන හෙයින් මාර්ගයෙන් ගමන් කරන වැසියන්ගේ දෛනික කටයුතු වලටද දැඩි බාධාවක් සිදු ව ඇති හෙයන් වහාම අදාල ඉදිකිරීම නවතා දැමීමට කටයුත කරනා ලෙසටයි.

විරෝධතා කරුවන් විසින් අදාල ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනය මහනගර සභාව වෙතටද භාර දීමට පියවර ගත් අතර මහනගර සභාව මගින් සහනදායි විසඳුමක් නොලැබෙන්නේනම් ඉදිරියේදී දැවන්ත විරෝධතාවක් සිදු කිරීමට පියවර ගන්නා බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ lanka c news

Leave A Reply

Your email address will not be published.