එක එකාගෙ පුතා කිවුවට සාමාන්‍ය පෙලත් නැති එකෙක් ජනාධිිපති කරන්නෙ නෑ..- ඇමති රවී

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික අපේක්ෂකයා විය යුත්තේ උගත්කම හා දක්ෂතා සපිරි පුද්ගලයකු පමණකැයි එම පක්ෂයේ උප නායක විදුලිබල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළයුතු වන්නේ අධ්‍යාපන සුදුසුකම් සහිත දක්ෂතා සහිත හැකි පුද්ගලයෙක් පමණක් බවයි.

එක එක්කෙනාගේ කී පලියට රාත්‍රී වැටුණු වලේ දවල් වැටෙන්නටද අවශ්‍ය නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

රට පාලනය කිරීම සඳහා අධ්‍යාපන සුදුසුකමක් නැති අයට නොහැකි බවත් කී ඇමති කරුණානායක රටක පාලකයා අවම වශයෙන් මෙරට සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් වී සිටිය යුතු බවට ද තමා යෝජනා කරන්නේ යැයිද කීය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට එම පක්ෂය තුළ සාකච්ඡාවක් එළිපිට ඇති ව තිබියදී රවි කරුණානායක මහතා විසින් මෙම ප්‍රහාරය ඇමති සජිත් ප්‍රේමදාසට එල්ල කරන ලද්දක් ලෙස පැහැදිලිව පෙනී යයි.

Leave A Reply

Your email address will not be published.