තිස්සමහාරාම මැදිගම්විල ප්‍රදේශයේදී මියගිය දරුවාගේ මරණයට හේතුව මන්ද පෝෂණ තත්ත්වයට එහාගිය සමාජ හා ආර්ථික ගැටළු රාශියක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.