වෛද්‍ය ෂාෆි ට එරෙහි චෝදනා යට ගහන්න ඇමතිලා දෙදෙනා කවුද

සිංහල මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ වලට එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් දෙදෙනකු බාධා කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
මෙම සිද්ධිය යට ගැසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටින බව ද හිමියෝ කියා සිටිති.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ත‍්‍රස්සවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන විවාදයට ගත් අවස්ථාවේදීය.
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් වූ චෝදනා දැනටමත් ඔප්පු වී අවසන් බව සැත්කම් කළ සියළු මවුවරුන්ට නැවත දරුවන් ලැබීම නැතිව ගිය බවත් රතන හිමියන් සදහන් කලහ.
මෙම සාක්ෂිවලින් අදාල වෛද්‍යවරයා අපරාධය කර ඇති බවට පැහැදිලිව ඔප්පු වී ඇතැයිද උන් වහන්සේ පැවසූහ.
වඳ කරන කටයුත්ත සෞදි අරාබියෙන් පැමිණි පිස්සුවක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් රතැන හිමියෝ කියා සිටියහ.
Leave A Reply

Your email address will not be published.