අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. ජනාධිපතිත් කැඳවයි ද ?

අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට ද එහි පෙනී සිටින ලෙස ලෙස දන්වා ඇත.

හිටපු නීතිය හා සාමය ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක යන මහතුන්ට ද එහි කැදවීම් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආරක්‍ෂක, නීතිය හා සාමය ඇමති ධුරය දරමින් සිටින අතර ඔහුද කමිටුව හමුවට කැදවිය යුතු යයි යෝජනා කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

Leave A Reply

Your email address will not be published.