එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස බොහෝවිට චම්පික රණවක මහතා පත්වනු ඇති. චම්පික රණවක අමාත්‍යවරයාට මහරගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරය ලබා දී තිබීමෙන් එය යම්තාක් දුරට තහවුරු කර ගත හැකියි. චමිපික රණවක මහතා 2020 ජනාධිපතිවරණය ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ද දියත් කොට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ප්‍රකාශ කළේ මෙවර ජනපති අපේක්ෂකයා යුඇන්පී කෙනෙක් බවය. ඒ අරුතින් ගත් විට දැන් චම්පික රණවක මහතා මහරගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නිසා එහි ගැටළුවක් ඇති නොවනු ඇති.
මෙවර ජනපතිවරණයේ වැඩි වාසි තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයටයි. රට තුල පවතින ආණ්ඩු විරෝධී ජනතා හඬ මෙන්ම රටේ පසුබෑම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට ජනපතිවරණය ජයගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා. කෙසේ නමුත් එවන් වාතාවරණයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටකත් තරග බිමට නොපැමිණෙනු ඇති. ඔහු සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වයට ගෙන ඒමට ක්‍රියා නොකරනු ඇති. ඒ තමන්ගේ නායකත්වයට එය තර්ජනයක් විය හැකි බැවින්.
වික්‍රම