15%කින් සියලු අමාත්‍යාංශවල වියදම වහා අඩු කරන්නැයි මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා ඇත.
මෙම තීරණය ගන්නා ලද්දේ ආණ්ඩුවේ ආදායම පහල බැස වියදම ඉහල යාම නිසා මූල්‍ය අර්බුදයක් ඇති වීම වලක්වා ගැනීමට බව දන්වා තිබේ.
සියළු ඇමතිවරුන්ට මේ බව ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදීද දන්වා ඇත.
නව තත්වය මත ආණ්ඩුවේ ඇතැම් සැලසුම් අත්හිටුවීමටද සිදුව ඇති අතර නව මිලදී ගැනීම් අත්හිටුවීමටද නියමිතය.