කන්තලේ පත්තිනි දේවාලයක් අසල නිවසකදී හැට හැවිරිදි කතකට ලිංගික අතවර

කන්තලේ, අසුහත ප්‍රදේශයේ පත්තිනි දේවාලය අසල ඇති නිවසක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කන්තලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සැකකරු විසින් ඊයේ(18) රාත්‍රීයේදී මෙම අපරාධය සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ලිංගික අතවරයට ලක්ව ඇත්තේ කන්තලේ, අසුහත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

එම කාන්තාව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන් අතර වැඩිදුර පරීක්ෂණ නක්තලේ පොලීසිය විසින් සිදු කරනවා.

Leave A Reply

Your email address will not be published.