මයික්‍රෝ කාර් සමාගම නවතම Korando SUV රථය එළිදක්වයි …`

මයික්‍රෝ කාර් සමාගම තම විජයග‍්‍රාහී ගමනේ තවත් පියවරක් සනිටුහන් කරමින් නවතම SsangYong C 300 Korando SUV රථය 2019 ජුනි මස 14 වන දින ශී‍්‍ර ලාංකීය වෙළඳපොළට හඳුන්වාදෙන ලදී. 2006 වසරේ සිට SsangYong” වෙළඳ නාමයේ එකම සහා අසහාය හිමිකරුවා වන මයික්‍රෝ කාර් සමාගම කවදත් සිත් ගන්න සුළු SUV රථ හඳුන්වා දීමේ ප‍්‍රමුඛස්ථානයේ සිටි. ලීටර් 1.6 ක ධාරිතාවයෙන් යුතු ඉන්ටර්කුලර් ටර්බෝ ඩීසල් එන්ජිමකින් හා 4 x4 පහසුකමින් සමන්විත නව Korando රථය බලපත‍්‍ර ලාභීන් සඳහා විශේෂයෙන්ම ඉලක්ක කර ඇති අතර, තරගකාරී වෙළඳ පොලේ අසමසම ස්ථානයක් හිමි කර ගෙන ඇත.

වර්ෂ 1954 ඇරඹි SsangYong Motors සමාගම දකුුණු කොරියානු රථාහන ක්ෂේත‍්‍රයේ පුරෝගාමි SUV නිෂ්පාදකයා වේ. Mercedes – Benz තාක්ෂයේ සුසංයෝගයෙන් 1993 දී මුල් වරට හඳුන්වා දුන් Musso SUV  රථය එදා ශී‍්‍ර ලාංකිකයින්ද ඇතුුළුව ලෝකයේ බොහෝ දෙනාගේ ආදරයට පාත‍්‍ර විය. ඉන් පසුව අප අතරට පැමිණිmeñKs Actyon, Kyron, Rexton, Tivoli SUV රථ පෙළ  ර්‍“SsangYong” නාමය අප වෙත තවත් සමීප කරලීය.

මධ්‍යම ප‍්‍රමාණයේ SUV රථයක් වන ණදර්බාද හී අද අප අත්විදින්නේ සිවුවැනි පරම්පරායි. මෙවර ශී‍්‍ර ලංකාවේ හඳුන්වා දී ඇත්තේ ලීටර් 1.6 ඉන්ටර්කූලර් ටර්බෝ ඩීසල් එන්ජිමකින්, ජපානයේ නිෂ්පාදිත වේග 6 “AISIN”  ගියර් පද්ධතියකින් හා 4×4 පහසුකමින් යුතු රථයකි. වඩාත් සිත් ගන්නා සුළු අභ්‍යන්තර නිමාව, ගුවන් නියමු කුට්යක් සිහි ගන්වයි.Digital touch screens, Mood Lighting, Electric Leather Seats, Power Tailgate, Electric Sunroof, LEDD Headlamps, LED Fog Lamps සහා 119” Alloy Wheels රථයේ අංගසම්පූර්ණ බව පසක් කරයි.
රියදුරු සහා මගී ආරක්ෂාව පිළිබඳ සලකා බැලීමේදී korando  රථය නූතන සියළු තාක්ෂනාංගයන්ගෙන් සමන්විත වේ. Blind Spot Detection, Lane Change Assist, Rear Cross Traffic Intervention, Anti-rollover Protection, Airbags, ABS iyd ESP ඉන් කිහිපයකි. මේ සියළුම අංගෝපාංගයන්ගෙන් හා පහසුකම් වලින් සපිරුනු නවතම Korando රථය රුපියල් මිලියන 7.6 ක් වැනි සුවිශේෂී මිලකට බලපත‍්‍රලාභීන්ට ලබා ගත හැක.

’සැන්යොන් මෝටර් රථ සමාගමත්ම, යික්‍රෝ කාර්සමාගමත් අතර 2006 වසරේ සිටම පතිනුයේ මනා සබැදියාවකි. මයික්‍රෝ කාර් හරහා ශී‍්‍ර ලංකාවේ SUV වෙළඳපොල දික්විජය කිරීමට ර්‍“SsangYong” වෙළඳ නාමයට හැකි වී ඇත. මේ වන විට 22% වෙළඳපොළ ප‍්‍රතිශතයක් දිනා ඇති අතර ඊට Rexton සහා Tivoli රථ දෙකින් සිදුවූ දායකත්වය අති මහත්ය.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ “SsangYong Motors” සමාගමේ සමාන්‍යාධකාරී Kim මහතා සඳහන් කලේ නව Korando  රථය අනාගතයට ගැලපෙන SUV රථ නිෂ්පාදන ක‍්‍රියාවලියේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක්. රථ වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකීය වෙළඳපොල සෑම විටම අපට සුවිශේෂයි. Micro car සමාගම ශී‍්‍ර ලාංකීය SUV වෙළඳ පොලේ සැලකිය යුතු ප‍්‍රතිශතයක් දිනා ගැනීමට උත්සහ දරණවා. එය සතුටට කරුණක්. අපි තරයේ විශ්වාස කරනවා දැනටSsang Yong රථ භාවිත කරන පාරිභොගිකයින්ටත් නව පාරිභෝගිකයින්ටත් Micro Car සමග එක්වීමෙන් සුවිශේෂී නව Korando රථයේ ආස්වාදනීය අත්දැකීමක් විදීමට අවස්ථාව ලබෙන බව.

නව Korando රථය මෑත කාලයේ හඳුන්වා දුන් SUV  රථ අතර වඩාත් හෙට දවස වෙනුවෙන් බිහි කළ නිර්මාණයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. කවදත් නව මානයන් සොයා යන මයික්‍රෝ කාර් සමාගම නව Korando රථයත් සමගින් හෙට දවසේ ශී‍්‍ර ලාංකීයSuv වෙළඳපොළ ජය ගන්නා බව නොඅනුමානය. “SsangYong Motors” සහ මයික්‍රෝ කාර් සමාගම තම දීර්ඝකාලීන සබැඳියාව දිනෙන් දින වඩාත් ශක්තිමත් කර ගන්නා අතර තවත් නවතම රථ පෙලක් අනාගතයේදී ඹබ වෙත පිරිනැමිමට සැදී පැහැදී සිටිති.

Leave A Reply

Your email address will not be published.