පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කටයුතු කිරීම ගැන ජනතාවගෙන් සමාව අයදින බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

ජනතා පරමාධිපත්‍යට ගරු නොකරමින් ජනාධිපති හා අගමැති දෙපැත්තකට වී සිටින බවත් පැවති ආණ්ඩුව නීති විරෝධී ලෙස කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා වරදකරු වී ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ජනාධිපති යයිද ඔහු එහිදි පැවසීය.

ආරක්ෂක ඇමතිවරයාද වූ ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශයද පැවති නිසා අදාල ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතු බවත් වෙන කිසිවකු ඊට වගකිව යුතු නැති බවටත් ඔහු චෝදනා කලේය.

Leave A Reply

Your email address will not be published.