ආරක්ෂක මණ්ඩලයේ සිටි ඇතැමුන් ආරක්ෂක මණ්ඩලයේ දී ජංගම දුරකථනයක් දෙකක් තබාගෙන ඒවාට ඇන ඇන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා තමන්ද සිටියදී පඬුවස්නුවරදී පැවති රැස්වීමකදී පැවසුවේ ඇතැමුන් කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතනයට අනිමින් සිටින බවද කී මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේදී එවැන්නක් සිදු වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වීඩියෝව දමා පෙන්වන්නයි දෙරණ රූපවාහිනියට අභියෝගද කළේය.
එම අභියෝග දෙරණ රූපවාහිනිය විසින් පිලිගනිමින් සිය වෙබ් අඩවියේ අදාල වීඩියෝව පළ කර තිබිණි.
එම වීඩියෝව අනුව ජනාධිපතිවරයා පැහැදිලිවම සඳහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඇතැමුන් ජංගම දුරකථනයට ඇන ඇන සිටි බවයි.