ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් දෙදහස් අටසිය විස්සක් (2820) වාර්තා වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරනවා.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.
ගාල්ල නගර සීමාව, අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව, හබරාදුව ආදී ප්‍රදේශයන්හි මේ වන විට ඩෙංගු බව සැකකරන මෙම රෝගීන් බහුලව වාර්තා වී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.
ගාල්ල නගර සභා සීමාවේ ඩෙංගු බවට සැකකරන ගාල්ලේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව හත්සිය විසිපහක් යයිද අම්බලන්ගොඩ නගර සීමාවෙන් රෝගීන් තුන්සිය අසූපහක්ද, හික්කඩුව නගර සීමාවේ රෝගීන් දෙසීය විසිහත් දෙනෙකුද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ අද (18) ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති ඩෙංගු රෝගය මර්ධනය කිරීම වෙනුවෙන් පැවති සෞඛ්‍ය හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදීය.