ශවේන්ද්‍ර සිල්වා ට සේවා දිගුවක් …මීළඟ හමුදාපති ද ?

ජුනි 21 වන දා විශ්‍රාම ගැනීමට සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා ක්‍රියා කොට ඇතැයි විශ්වාස මාර්ගයකින් දැනගන්නට තිබෙනවා.

අද සවස එම ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බවයි දන ගන්නට ලැබෙන්නේ. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ගේ නිල කාලය අවසන් වන්නේ අගෝස්තු මාසයේදී.

ඔහුට තවත් සේවා දිගුවක් නොලැබුණහොත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීළඟ හමුදාපතිවරයා වනු ඇති.කෙසේ වෙතත් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වර්තමානයේ යුද්ධ හමුදාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කරමින් සිටින බොහෝ දෙනාගේ සිත් දිනා ගත් හමුදාපතිවරයෙක් වශයෙන් ප්‍රචලිතයි.

රට රකින ජාතිය ලෙස හමුදාව නම් කරමින් යුද්ධ හමුදාවට නව පණක් එකතු කළ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට තවත් සේවා දිගුවක් ලැබෙතැයි බොහෝදෙනා විශ්වාස කරනවා.

එලෙසම වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ජනප්‍රිය හමුදා නිලධාරියෙක්.

Leave A Reply

Your email address will not be published.