ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ගැන ප්‍රකාශ එපා-රනිල් එජාප මන්ත්‍රීන්ට කියයි

ඉදිරි ජනධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු නොකරන ලෙස අග්‍රා‍මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඊයේ(17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වු අතර එහිදි වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා වි තිබේ.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.