රාජිත එකාබද්ධයට ගන්නේ නැහැ.. දැනටමත් විරෝධතා..

ඇමැති රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂයට එක් එක් කර ගත යුතු නැතැයි එහි මන්ත‍්‍රිවරුන් පිරිසක් දැඩි මතයක සිටිති.

දුම්වැටි ප්‍රශ්නයක් මුල් කරගෙන තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම සාකච්ඡාව ඇති වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් කඩා වැටෙන්නට ආසන්න වෙද්දී රාජිත සේනාරත්න මහතා මේ ආකාරයෙන් කටයුතු කරන නමුත් කිසිසේත්ම සේනාරත්න මහතා තම කණ්ඩායමට සම්බන්ධ කර ගත යුතු නැති බව ඔවුනගේ මතයයි.

මෙසේ විරෝධතා දක්වන පිරිස අතර කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහ තවත් මන්ත‍්‍රීන් පිරිසක් වෙතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරයෙක් අප වෙත කීය.

මේ අතර මෙරට ප්‍රධාන පෙළේ බලවත් වෘත්තිය සමිතියක්ද රාජිත සේනාරත්න මහතා ඒකාබද්ද විපක්ෂයට එක් කර නොගන්නා ලෙස දැනටමත් ඉල්ලීම් කර ඇත.

lankacnews ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.