යුද හමුදාවට රට රකින ජාතිය කියන්නේ ඇයි ? හමුදාපතිතුමන් කියන කතාව අහන්න Video

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බෞද්ධ හමුදාවක් වුවත් ඒ තුල ජාති, ආගම්, කුල භේද නොමැති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා .

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු රුපියල් මිලියන 10ක් වන සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) ඊයේ (17) මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.

එම අවස්ථාවට එක් වෙමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

රට රකින ජාතිය ගැන හඳුන්වා දෙන්නත් ඔහු අමතක කළේ නැහැ.

“ඉස්සර අපේ පන්තිවල හිටියා අපි වගේ නාහෙට අහන්නේ නැති එවුන්. එතකොට ගුරුවරු, අනිත් ය කියනවා.. මු නම් අමුතු ජාතියේ එකෙක් කියල.. අන්න ඒ වගේ ජාතියේ ය තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන්නේ.. ඉදිරියටත් සේවය කල යුත්තේ..නැත්නම් මේ රටේ ආරක්ෂාව මේ විදියට තියා ගන්න බැරි වෙයි..” යනුවෙන් හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදාව කැප වී කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා එහිදි ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව තහවුරු කළ ද ඇතැම් දේශපාලන තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි බව ඒ මහතා පවසනවා.

Leave A Reply

Your email address will not be published.