සති දෙකකට පසු අද දිනයේ ඇමති මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 09.30ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට සහභාගී වන ලෙස සියළු කැබිනට් ඇමතිවරුන්ට ලිඛිතව දන්වා ඇත.
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොකරන ලදී. තමන් කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බවද ජනාධිපතිවරයා පවසා තිබින.
කෙසේ වෙතත් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු ඇමතිවරුන් පිරිසක් මැදිහත් වී ගැටළුව විසඳා තිබේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ ආකාරයෙන්ම පැවැත්වෙයි.