යහපාලන වසර 05ට රටට වැඩක් වුනේ නෑ.. ඊළග ඡන්දයෙන් සුදුසු කෙනෙක් පත් කරන්න..- ආණ්ඩුව පතුරු ගසමින් ෆොන්සේකාත් වැට උඩට නගී..

ගතවූ වසර පහක කාලය තුළ රට නිවැරදි මාර්ගයට ගියා කියා හෝ රටට වැඩක් වූවා කියා තමන් පිළිගන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එනිසා රට ගොඩනැගීමට හැකි අය තෝරා ඔවුනට රට බාර දීමට ඉදිරි මැතිවරණවලදී ජනතාව කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.

තමන් ආණ්ඩුව නියෝජනය කළ ද ගතවූ වසර 05ක කාලයේදී සත්‍ය මෙය බවද ඒ මහතා කියා සිටියේය.

කැළණිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.