කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
ඒ අනුව කුරුණෑගල සහ දඹුල්ල මහ රෝහල්වලට ඉදිරිපත්වී ඇති මුලු පැමිණිලි ගණන 1003කි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පසුගිය 25 වනදා කුරුණෑගල පොලිසීය මගින් අත්අඩංගුට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවේය.
ඒ අයථා මුදල් රැස්කිරීමේ චෝදනාවක් මතයි.
ඒ අතර වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කම්වලදී මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇති බවටද ප්‍රචාර පැතිරගියේය.
ඒ සමග කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මව්වරුන් පැමිණිලි ඉදිරිපත් කිරීම ඇරඹුණේ පසුගිය 26 වනදා සිටයි.
ඒ අනුව සිසේරියන් සැත්කමින් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවත් සැත්කමින් පසු සංකූලතා ඇති බවටත් එම රෝහලට අදත් මව්වරුන් 12 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත්වි ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 839 කි.
දඹුල්ල මහ රෝහලට ද අද මව්වරුන් 4 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒ ඇතුළ්ව එම රෝහලට වෛද්‍ය ෂාෆිට එරෙහිව ඉදිරිපත් කර ඇති අතර මුළු පැමිණිලි සංඛ්‍යාව 164කි.
ඒ අනුව දින 23 ක් ඇතුළත කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහල වෛද්‍ය ෂාෆිට එරෙහිව ඉදිරිපත්වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1003කි.
මේ අතර මෙම සිද්ධිය පිළිබදව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණි.