සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට සුදුසුකම් ඇති පුද්ගලයා ගෝඨාභයයි

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට සුදුසුකම් ඇති පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මහාචාර්ය නලීන් සිල්වා මහතා පවසවයි.

“සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු” මැයෙන් සංවිධාන කිහිපයක් එකතුව කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පූජ්‍ය පක්ෂයද එහිදී අදහස් දැක්වූවේය.

චින්තන පර්ශදය ලේකම් මහාචාර්ය නලීන් සිල්වා වැඩිදුරටත් අදහස් දක්වමින් මේ බව පැවසීය.

“මංගලට නොතේරුණාට කරන්න දෙයක් නැහැ. රට සහ රාජ්‍ය නොතේරෙන අයත් ඉන්නවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඕන‍. සිංහල බෞද්ධ රාජ්‍යය ගැන ප්‍රතිඥා දෙමින්. ඔහු චම්පික නම් පිළිගන්නෙ නැහැ

අවස්ථාවාදියෙක් ප්‍රතිඥා දුන්නට පිළිගන්නෙ නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න බැරි. නිවට සිංහල බෞද්ධ දේශපාලකයින් නිසා. රනිල්,මෛත්‍රී,මහින්ද,බැසිල් . සිංහල බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ අය බලන්නෙ සිංහල බෞද්ධ නොවන ඡන්ද දිහා“

Leave A Reply

Your email address will not be published.