පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබේ.
මීට හේතු වී ඇත්තේ දැනගත් සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මෙම තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයයි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නිසා නිලධාරීන් කමිටුව හමුවට කැඳවීමේ ගැටලුවක් ඇතිව තිබේ.
කාරක සභාව හමුවේ දැනට හෙළි වී ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත් ජනාධිපතිගේ ප්‍රකාශය නිසා කාරක සභාව ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැත.
කෙසේ වෙතත් එම කමිටු සාමාජිකයන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු තෙිරීම් කාරක සභාව හමුවට ඕනෑම නිලධාරියෙකු කැඳවීමේ බලය ඇති බවත් කැදවීම් පැහැර හරින නිලධාරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කර දඬුවම් ලබා දීමේ හැකියාවද ඇති බවයි.
මෙම තේරීම් කාරක සභාව නැවතත් හෙට පස්වරු 02.00ට පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිතය.