එංගලන්තයට ගංවතුරක්…

නැගෙනහිර එංගලන්තයේ ලින්කන්ෂයර් ප්‍රදේශයෙහි ගංවතුරක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවය පත්ව සිටින බව එරට වාර්තා සඳහන් කළේය.

ධාරාණිපාත වර්ෂාවත් සමග හටගත් ගංවතුරින් ලින්කන්ෂයර් හි නිවාස පන්සීයකට අධික ප්‍රමාණයක් යටවී තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ මහාමාර්ග සහ කඩසාප්පු රැසක්ද ජලගැල්මට හසුවී ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

මේ සමඟ ගංවතුරට හසුවී සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර තිබුණි.

පවතින තත්ත්වය හේතුවෙන් ගංගාවල ඉවුරු ආශ්‍රිතව වෙසෙන ජනතාවට නිවෙස් වලින් ඉවත් වන ලෙසද බලධාරීන් දැනුම් දී තිබේ.

ඔවුන්ට රැඳී සිටීම සඳහා පාසැල් වල තාවකාලික කඳවුරු ඉදිකර ඇතැයිද සඳහන්ය.

මේ අතර කාලගුණ බලධාරීන් සඳහන් කළේ සාමාන්‍යයෙන් මාස දෙකක පමණ කාලයක් පුරා ලැබෙන තරම් දැඩි වර්ෂාපතනයක් ලින්කන්ෂයර් ප්‍රදේශයට දින දෙකක් තුළ ලැබී ඇති බවයි.

මෙම අනපේක්ෂිත කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය සඳහාද මෙම ප්‍රදේශයේ ගංවතුර අවධානම පවතිනු ඇතැයිද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

 

Leave A Reply

Your email address will not be published.