මිනිස්සු මරණ රජයක මම ඉන්නේ නැහැ.. – රාජිත කියයි

ඔහු මේ බව ප්‍රකාශ කලේ මංගල සමරවීර මහතා චීනයෙන් දුම්වැටි ගෙන්වීමට අවසර ලබා දෙනවා යැයි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකදී.
මේ රටේ තිබෙන සිගරට් වලට අමතරව තවත් චීනයෙන් ගේනවා නම් අපිට කොහොමත් අනුමත කරන්න බැහැ. එකට අපි විරුද්ධ වෙනවා.
ඒ වගේම මම නාටා එකේ සභාපතිතුමාට කතා කරාමදැන ගත්තා සුරා බදු කොමාසාරිස් ට බලපෑම් තියෙන වග. මම ඒවගේ බලපෑම් තියෙන ඇමති මණ්ඩල වල මම වාඩි වෙන්නේ නැහැ.
මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙනුත්, වෛද්‍යවරයෙකු වශයෙනුත් මිනිසුන්ව මරණ, මිනිසුන්ව රෝගී කරවන නීති රීති ගේන රජයක මම වාඩි වෙන්නේ නැහැ.. යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.