විපක්‍ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ.
06 වන වටය සදහා අද මෙම සාකච්චාව පැවැත්වීමට නියමිතව තිබූ අතර නැවතත් එම සාකච්චාව 26 දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.
පක්‍ෂ දෙක එක්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සදහා මෙම සාකච්චා පැවැත්වෙයි.
නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපය විසින් ඉල්ලා සිටීමත් සමග පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල විය.
පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය හා අගමැති අපේක්‍ෂකත්වය වෙනත් කිසි පක්‍ෂයකට ලබා නොදෙන බවයි.
අවශ්‍ය නම් වෙනම තරග වැද එම ධුරයන් ලබා ගන්නා ලෙසද සදහන් කර තිබින.