බදුල්ලේ ඇමතිගේ මහා මංකොල්ලය හෙලි කරනවා.. හෙට දේශපාලන තීන්දුවක් ගන්නවා.. එජාප මන්ත්‍රී

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් සිදු කරමින් ඇති මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මෙම ඇමතිවරයා විසින් සිදුකරමින් සිටින මහා පරිමාණ කොල්ලය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මහා අසාධාරණයක් සිදුවන බව ද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් අගමැතිවරයාට පැමිණිලි කර තිබෙන බවද කී ඔහු අද දිනයේදී එම ඇමතිවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවද සඳහන් කළේය.

බදුල්ලේ ජනතාව වෙනුවෙන් තමන් මෙවැනි තීරණයක් ගන්නා බවද කී මන්ත්‍රීවරයා තමනට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සහාය පළ කිරීමට එකඟතාවය පළකර ඇතැයිද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.