පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසු ගිය බදාදා දිනයේ (13) ප්‍රශ්න කිරිම් සඳහා ගෙන්වනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතායි.
එහිද හිස්බුල්ලා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවේ සමාජිකයන් විසින් ප්‍රශ්න කිරිම් සිදු කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය , එම ප්‍රහාර මලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් නැමැත්තා සමඟ තමන්ට ඇති සම්බන්ධතාවය සහ මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය පිළිබඳව හිස්බුල්ලා මහතාගෙන් එහිද විශේෂයෙන් ප්‍රශ්න කළේය.
නමුත් ජනතාව අතර මතබේදාත්මක කරුණක් වු හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයින් යැයි කිවහැකි පුද්ගලයින් කිහිපදෙනකු හමුවන සී.සී.ටීවී දර්ශන පෙළ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරිමක් සිදු කළේ නැත.
මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරිමකදි ,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික ආංශු මාරසිංහ මහතා පවසා ඇත්තේ අදාල සී.සී.ටී.වී දර්ශන සහ එම පිරිස හමු වු හේතු සම්බන්ධයෙන් හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කිරිමට නොහැකි වු බවයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයින් යැයි කිවහැකි පුද්ගලයින් කිහිපදෙනකු හමුවන සී.සී.ටීවී දර්ශන පෙළක් පසුගියදා මාධ්‍යට නිකුත් වී විය.
හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මෙලෙස මෙම පිරිස හමු වි ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිනය වන එනම් අප්‍රේල් 22 වනදා ය.
එම දර්ශන අනුව හෝටලයේ රැඳී සිටි පිරිසක් ඔහු හමුවීමට පැමිණෙන ආකාරයත් ඔවුන් සමඟ ආණ්ඩුකාරවරයා හෝටලය තුළට යන ආකාරයත් එම දර්ශනවල සටහන්ව තිබුණි.
අනතුරුව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා යළි හෝටලයෙන් පිටතට පැමිණෙන විට ඔහු සමඟ අදාල පිරිස හොටලයෙන් පිටතට පැමිණි අතර පසුව එම ස්ථානයට පැමිණෙන වෑන් රථයක තිබූ බෑගයක් හෝටලය දෙසට රැගෙන එන ආකාරයත් ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි.