ෆේස්බුක් සාදයක් වටලා නීති විරෝධි මත්‍ද්‍රව්‍ය සමඟ 51 ක් STF බාරයට

රත්නපුර සුරාබදු අධිකාරියට ලද තොරතුරක් මත බලංගොඩ පොලිස් වසමේ බෙලිහුල්ඔය, හෝටලයක් තුළ වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(16) සවස 4.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කීපයක් සමඟ පුද්ගලයින් 51 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර සුරාබදු අධිකාරිය වෙත බාර දී ඇත.

මෙහිදී ප්‍රිගැබ්ලීන් පෙති 20ක්, ඇපල් පෙති 3ක්, හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් ගංජා ග්‍රෑම් 150ක් සොයා ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.