හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් ඉක්මනින්ම කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡාවක් සිදුව ඇති බව සිරස රූපවාහිනි විකාශය කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ යයි වාර්තා වන තොරතුරු නිසා එක් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස සඳහන් කර ඇතැයි ද එහි කියැවින.
අධිකරණය කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත් නඩු ඉක්මන් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කඩිනමින් කළ යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තාවේ තවදුරටත් කීය.
cnews ඇසුරෙනි