ජනපති අපේක්ෂකත්වය කාගෙන්වත් උදුරා ගන්නේ නැහැ..

පක්ෂය ඉල්ලීමක් කලොත් සලකා බලන්න පුළුවන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවක එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ මෙතෙක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර නොමැති බවත් ඒ මහතා පැවසීය.

රට වෙනුවෙන් හදවතින්ම හඬපු අවස්ථා ඇති බවත් රටට ජාතික ප්‍රතිපත්තිවල එකඟතාවයක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ලංකාව පිහිටීම අතින් වටිනාකමක් ඇති රටක් නමුත් ඒ බව මෙතෙක් තේරුම් ගෙන නොමැති බවද වරාය නගරය හරහා ආයෝජක විශ්වාසය දිනාගත හැකිනම් රට ගොඩනැගීම අසීරු නොවන බවත් ඒ මහතා බී.බී.සී. සිංහල සේවය වෙත සිය අදහස් පල කරමින් කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් හය දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.