සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය ඉවත් කොට ඔහුට විරුද්ධව කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා වව්නියාව මහරෝහල ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
වව්නියාව දිස්ත්‍රීක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඊයේ දින කෑම පැයේදී වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණඩලය විසින් මෙම විරෝධතාවය සංවිධනය කොට තිබුණි.
විරෝධතා කරුවන් එහිදී කියා සිටියේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය වහාම ඉවත් කොට ඔහුව අත්අඩංගුවට ගත යුතු බවටත් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරීමට ජනාධිපති කොමිෂමක් හෝ පත්කළ යුතු බවටත් එසේ නොවන්නට රටේ ජනතාවටම සිදු කරන මහා අසාධාරණයක් බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
lankacnews