පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කැඳවීමට සාකච්ඡාවක් පැවැත් වී ඇතැයි වාර්තා පළ වේ.
නියෝජ්‍ය කතානායක සහ තේරීම් කාරක සභාවේ සභාපති වන ආනන්ද කුමාරසිරි මහතා විසින් මේ බව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් අවසන් ස්ථිර තීරණයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කර ඇත.
මේ අතර එම තේරීම් කාරක සභාවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සඳහන් කර ඇත්තේ එම කාරක සභාව බොහෝදුරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැදවනු වනු ඇති බවයි.
19 සංශෝදනය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට කැඳවිය හැකි යැයිද ඔහු කියයි.
මෙම තත්වය මත ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර පවතින අර්බුදකාරී තත්වය තවදුරටත් තීව‍්‍ර යනු ඇති බව ද දේශපාලන නිරීක්ෂකයන් සඳහන් කරති.
lankacnews