ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු මරා මස් කර අලෙවි කළ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වත්තට ඉහලින් ශ්‍රි පාද රක්ෂිතයේ මන්දක් අටවා රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු අල්ලා මස් කර අලෙවි කරන බවට නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනය කරන ලද ගෝනොගේ මස් විශාල ප්‍රමාණක් අලෙවි කර තිබු බවත්, ඉතිරිව තිබු ගෝන මස් තොගයක් සහ ගෝනාගේ සම සහ අවයව පොලිස් භාරයට ගත් බව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නල්ලතන්නිය මරේ වතුයායේම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.