කසළ තේ කිලෝග්‍රෑම් 2000ක් සමඟ අයෙක් පොලීසියට

ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කිලෝග්‍රෑම් 2000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ගම්පොල කදවුරේ නිලධාරීන් දවුලගල, බූවැලිකඩ, ලීමගහකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම තේ තොගය සොයාගත් බව වාර්තා වන්නේය.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 2230ක් බව පොලීසිය පැවසුවේය.

සැකකරු සහ තේ තොගය සහිත ලොරි රථය දවුලගල පොලිස් ස්ථානයට භාරදී තිබේ.ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කිලෝග්‍රෑම් 2000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ගම්පොල කදවුරේ නිලධාරීන් දවුලගල, බූවැලිකඩ, ලීමගහකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම තේ තොගය සොයාගත් බව වාර්තා වන්නේය.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 2230ක් බව පොලීසිය පැවසුවේය.

සැකකරු සහ තේ තොගය සහිත ලොරි රථය දවුලගල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

Leave A Reply

Your email address will not be published.