ලෝක කුසලාන එක්දින තරගාවලියේ 20 වැනි තරගය අද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතයි. මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී තරග වලට වැස්සෙන් බාධා ඇතිවුවත්, අද තරගය පැවැත්වෙන ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය යහපත් බව වාර්තා වනවා.
සුප්‍රසිද්ධ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් වැස්ස අභියෝගයක් වී තිබුනාට අද ප්‍රධාන අභියෝගය වන්නේ පිතිකරණය බවයි.
මීට පෙර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරග 05 කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක තරගයක් පමණයි.
මේ වන විට ශ්‍රී ලංකාව තරග 04 කට සහභාගී වී ප්‍රසාද ලකුණු 04 ක් ලබා ගෙන 05 වන ස්ථානයේ පසුවෙනවා. ඔස්ට්‍රලියාව තරග 04 ක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 06 ක් ලබා 03 වන ස්ථානයේ පසුවෙනවා.
Prev Post
Next Post