සුරාසැල් අද සහ හෙට වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද (15) සහ හෙට (16) යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්, ආපනශාලා සහ තානායම් වල පවත්වාගන යනු ලබන සුරාසැල් ද එම දින දෙක තුල වසා තැබිය යුතු බවයි.

මීට අමතරව පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලු සුරාසැල් පසුගිය 13 වනදා සිට ලබන 19 වනදා දක්වා වසා තැබෙනු ඇති.

මේ අතර පොසොන් උත්සවය නිමිත්තෙන් පසුගිය 13 වනදා සිට ලබන 19 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ මෙහෙයුම් සතියක් ක්‍රියාත්මක කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස සියලු සුරාබදු නිළධාරින්ට උපදෙස් ලබාදී ඇති බව කපිල කුමාරසිංහ මහතා සදහන් කළේය.

Leave A Reply

Your email address will not be published.