තිස්සමහාරාම සඳුන් ගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කල සහසර ගම ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උළෙලේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
පසුගිය සතියේ නරේන්ද්‍ර මෝදී මහතා ලංකාවට පැමිණි බවත්, දැන් බොහෝ දෙනා මෝදී ගැන කතා කරන්නේ ඔහු දෙවන වරටත් ජයග්‍රහණය කල නිසා බවත්, ඔහුට ගෞරවයක් වශයෙන් තිස්ස කතරගම මාර්ගයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී ගම්මානය ඉදිකර ඇති බවත්, තව සති කිහිපයකින් එය විවෘත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.